ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටුවා ඇති ලෝක ප්‍රකට හොලිවුඩ් පුරය හඳුන්වන්නට සලකුනු කළ අකුරු ඊයේ කිසියම් කඩාකප්පල් කාරීන් පිරිසක් විසින් වෙනසකට ලක්කරනු ලැබ තිබේ. මින් පෙර Hollywood ලෙස දිස්වූ එම අකුරු දැන් Hollyweed ලෙස දැක්වේ.

මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ පසුගිය නොවැම්බරයේ එම බල පෙදෙසට

අයත් ජනපද නිලධාරීන් මර්ජුවානා සඳහා බලපැවැත්වූ වාරණය ඉවත් කිරීමට විරෝධය පළකිරීමක් ලෙසට ආරංචි පැතිර ගොස් තිබේ.
රටේ අනගි වස්තුවක් ලෙස හා සංකේතයක් ලෙස පුදදුන් තැනක් අනවසරයෙන් වෙනස් කරමින් ජනවාරි 1 වනදා මෙම අකුරු වෙනස් කරන්නට උත්සාහ කළ අය නීතියේ රැහැනට හසුකරගන්නට පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තාවේ.
මින් ඉහත 1976 වසරේත් මෙම අකුරු මේ ආකාරයටම වෙනස් කර තිබුණ බවද ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.