ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට විරෝධය දක්වා ලොතරැයි අලෙවි නියෝජිතයන් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව ක්‍රියාත්මක කළ වර්ජනය. නතර කිරීමට අද (5) පස්වරුවේ තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි
නියෝජිතයන්ගේ
සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අලෙවි නියෝජිත සංගමයේ නියොජිත පිරිසක් අද පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.
ඒ අනුව සිකුරාදා (6) සිට සුපුරුදු පරිදි ලොතරැයි අලෙවිය සිදුකරන බවත් ලොතරැයි මිල 30 වැඩි කිරීමට එකඟවූ බවත් දන්වා ඇත.
තමන්ගේ කොමිස් මුදල් වැඩිකරන්නේ නම් මිල වැඩි කිරීම ගැටලුවක් නොවන බව කීමෙන් පසු ඔවුන් වර්ජනය අත්හැර තිබේ. කොමිස් මුදල වැඩිකිරීමට ජනපති ඉදිරියේදී පියවර ගනු ඇත.
රජයේ සේවාවන්ගෙන් මේ වනවිටත් වැඩිම කොමිස් මුදල ලබන්නේ ලොතරැයි නියෝජිතයින් බව මින් ඉහත මදල් ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණි.