එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වත්මන් මහ ලේකම්වරයාද වන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා ඇමැති පදවියෙන් ඉල්ලා අස්වන බවට නත්තල් උත්සවය නිමිත්තෙන් අමාත්‍යාංශයේ
පැවැති උත්සවයකදී ඉඟියක් කර ඇත.

මම ධීවර අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්නයි ඉන්නේ. මට තවදුරටත් මේ අමාත්‍යාංශයේ වැඩ කරන්න බෑ. එයට හේතුව මේ අමාත්‍යාංශයේ සේවය කරන ඇතැම් නිලධාරීන් සමඟ කටයුතු කරන්න බෑ.
වැඩ කරන්න ඕනෑ විදියට ඔවුන්ගෙන් සහාය ලැබෙන්නේ නෑ. මම ජනාධිපතිට කියල වැඩ කරන්න වෙනත් අමාත්‍යාංශයක් ඉල්ලනවා. නොලැබුණත් කමක් නෑ 

යැයිද මහින්ද අමරවීර මහතා මෙහිදී කියා තිබේ.