අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවේ ඉදි කිරීමට සැලසුම් කළ තාප්ප ව්‍යාපෘතිය සඳහා සහය නොදක්වන බව මෙක්සිකෝ ජනපති එන්රික් පෙනා නීටෝ ජාතිය අමතමින් දන්වා
ඇත.
තාප්පයක් ඉදි කිරීමෙන් රටවල් දෙකක් වෙන් කිරීම තමන් අනුමත නොකරන බවද ඒවාට තම රට ගෙවන්නේ නැති බවද ඔහු දන්වා ඇත.
තාප්පයක් බැඳීම  ජාතික ආරක්ෂාව වෙනුවෙන් ලතින් ඇමරිකානු ජාවාරම්කරුවන් හා අනවසර සංක්‍රමණිකයින්ගෙන් ඇමරිකාව ආරක්ෂා කිරීමට සිදුකරන බව ට්‍රම්ප් මැතිවරණ පොරොන්දු දෙද්දී විස්තර කර තිබුණි.සීමා මායිම් නැති බිමක් රටක් නොවන බව ඔහු අලංකාර ලෙස එය සමාජගත කළේය.
මෙක්සිකෝ ජනාධිපති එන්රික් පෙනා නීටෝ ලබ 31 වනදා අමෙරිකාවේ නිල සංචාරයක නිරතවන්නට දින යොදා තිබියදී ඉහත ප්‍රකාශය කර ඇත.‍ෙ