පීලිපීනයේ දිමලුනා ප්‍රාදේශීය රූ රැජිණ තරගයකදී කිරුළ හිමි කරගත් ඩිවයින් ග්‍රේස් කැපා නමැති මෙම රූප සුන්දරිය තරගය අතරතුර ඇසූ ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුරක් නිසා එරටේ සමාජ මාධ්‍ය අතර ආන්දෝලනයක් ඇතිකර තිබේ.
ඇයගෙන් එහිදී විමසා ඇත්තේ
අපරාධකරුවන්ට මරණ දඩුවම පැනවීම සම්බන්ධ රජයේ තීරණය ගැන ඔබේ අදහස කුමක්ද යන්නයි.
එයට ඇය සපයා තිබෙන පිළිතුර නම්
‘මං විශ්වාස කරනවා ජීවිතය යනු ත්‍යාගයක් ලෙස. එක් අයෙකු මරා දැමීමෙන් තවත් මිලියන ගාණකගේ ජීවිත ආරක්ෂා වෙනවා නම් ඒ ආකාරයට කෙනෙකුගේ ජීවිතය මරණයට පුද දීමේ වරදක් නෑ..හැමදෙනාගේම ආරක්ෂාවට සහ මානව ධර්මතා හොඳින් පවත්වා යාමට එය අවශ්‍යයි.‘