මෙහිදී රජරට ගොවි ජනතාව විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගත් අතර ජලාශයට මංගල දියවර මුදා හැරීමෙන් පසුව ජනාධිපතිතුමා ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
අමාත්‍ය දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උයද ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.