රත්නපුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකු වූ නිමල් පතිරණ (57) මහතාගේ හදිසි අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන
සඳහා පොලිස් කණ්ඩායම්
තුනක් යොදවා ඇති බව ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරි ධ්ධ් රංජිත් කොට්ටච්චි මහතා පැවැසීය.
එම අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා ඒ මහතාගේ පවුල්වල කීපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද ඒ මහතා කීය.
අතුරුදන් වූ බව කියන නිමල් පතිරණ මහතා කිරුළපන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ දෙවැනි බිරියගේ නිවෙසේ සිටින අතරතුර අසනීප කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවත් එසේ ප්‍රතිකාර ලබමින් සිටින විටදී ඉකුත් 23 දින ඔහු එසේ අතුරුදන්ව ඇති බවත් පොලිසිය පවසයි.

රත්නපුර ප්‍රදේශයේ සිටින නිමල් පතිරණ මහතාගේ පළමු විවාහයේ දරුවකු ඔහුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කොහුවල පොලිසියට කර ඇති පැමිණිල්ලකින් මෙම සිද්ධිය අනාවරණය වී තිබේ.

(කුමුදු උපුල් ශාන්ත, නුගේගොඩ - ප්‍රදීප් ප්‍රසන්න)