නුගේගොඩදී අද (27) සවස පැවැත්වෙන
ඒකාබද්ධ විපක්ෂයේ පෙරළියක ඇරඹුම රැළිය හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් හටග‍ෙන තිබේ
මෙම රැළිය පැවැත්වෙන්නේ නුගේගොඩ නගර මධ්‍යයේ බැවින් නාවල පාර සිට හයිලෙවල් පාර අතර මාර්ගය හා පරණ කැස්බෑව පාර පාගොඩ පාර හා ජුබිලි කනුව දෙසට සම්බන්ධ වන මාර්ග අවහිරවී ඇති නිසා විකල්ප මාර්ග වෙත වාහන යොමු කරන්නට පොලිසියට සිදුව ඇත.
මේ හේතුවෙන් හයිලෙවල් ප්‍රධාන මාර්ගයද වෙනදා නැති මාර්ග තදබදයකට ලක්ව ඇත. විශේෂයෙන්ම පාසල් නිමවී නිවෙස්වලට යන වාහන මෙන්ම රාජකාරිය නිමවා නිවෙස් බලා යන අය මේ නිසා අපහසුතාවන්ට ලක්ව ඇත.
රැළිය අතරතුර ඡායාරූප පහතින්