අද(01) සිට රජයේ රෝහල්වලට ඇතුළත් වන සියලු රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකිරීම තහනම් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය
රාජිත සේනාරත්න මහතා විසින් මෙම තහනම පනවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

රජය විසින් සියලු රසායනාගාර පහසුකම් ඇති රෝහල්වලට රුධිර පරීක්ෂණ යන්ත්‍ර පසුගිය 31 වැනිදා වනවිට ලබාදී අවසන් කර ඇති බව සඳහන් නිසා රජයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකිරීමේ සිද්ධීන් වාර්තා වුවහොත් අද සිට අදාළ රෝහලේ අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා ඇත.

සියලුම රජයේ රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත මේ පිළිබඳ විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහතාට උපදෙස් ලබා දී තිබේ.