පසුගිය 31 වැනිදා මතුගම කටුගහහේන රෝහලේ පැවැති උත්සවයකදී දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ කීවේය.

"මේ ආණ්ඩුව හෙළවෙනවා. හෙළවෙන හැම දේම වැටෙන්නෙ නැහැ. සමහරු කියනවා මේ ආණ්ඩුව දුර්වලයි, වැටෙනවා, වට්ටනවා කියලා. ඒ නිසා සමහරු හෙළවෙන ඒවා පිටුපස ගිහිල්ලා ගව් ගාණක් ඇවිදලා තියෙනවා. නමුත් වැටිලා නැහැ.
මේ රටේ මිනිස්සු කිසි දවසක නොසිතපු ආණ්ඩුවක් අපි හදලා තියෙනවා.
නයි - පොළොන්ගු වගේ හිටපු දෙගොල්ලක් එකතු කරලා නයි - මුගටි වෛරයෙන් හිටිය මිනිස්සු එකතු කරලයි මේ ආණ්ඩුව හැදුවේ. තවමත් අපේ සමහර අයට මේ නයි - මුගටි වෛරයෙන් එළියට එන්න මානසිකත්වය හදාගන්න බැරිව තියෙනවා.
නමුත් ජනාධිපතිතුමත් - අගමැතිතුමත් ඉතා හොඳට ඉන්නවා. පරිණත ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු ඉතා හොඳින් ඒ ගමන යනවා. ඒ නිසා 2020 වන විට ඉතා හොඳ රටක් අපි ජනතාවට දායාද කරනවා.“