පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන රත්තරන් නමැත්තෙකු අද දහවල් මුල්ලේරියාවේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවත් තුවක්කුකරු වෙඩි තැබීමෙන් පසු පළා ගොස් ඇති බවත් පොලීසිය වාර්තා කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.