මියුසික් ටිකකට නැවැත්තුවා
දැන්ම බඳින්නෙ නෑ

නව වසරේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙනවා
-රෝහිත රාජපක්ෂ

පසුගිය කාලයේ රොකට් නිසාද මෑත කාලයේ මියුසික් වීඩියෝ නිසාද ප්‍රසිද්ධියක් දරන හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂ උදාවූ 2017 වසරේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැපවී සිටින බව ප්‍රකාශ කර තිබේ.
ඔහු සමග
සතිඅන්ත පුවත්පතක් පැවැත්වූ සාකච්ඡාවකදී මෙසේ කියා ඇත.
‘මගේ අභ්‍යවකාශ අජටාකාශගාමී අංශයේ උපාධියට අමතරව මේ  වසරේදී ව්‍යාපාර පරිපාලන අංශයේ උපාධියක් වෙනුවෙන් මහන්සි වෙනවා. මේ දිනවල එහි නිබන්ධන කටයුතු වලට තමා වෙහෙසෙන්නේ. මට ඉන්පසු ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්න හැකිවේවි.

මේ අවුරුද්දම ඒකට ගතවෙනවා. මගේ විවාහය ගැන නං තාම හිතල නෑ. මගේ පෙම්වතියත් මං ඉගෙනීමට උනන්දු කළා. හොඳින් අධ්‍යාපනය ලැබුවාම තැනකට ආවාම කාටවත් මුකුත් කියන්න බෑ. කාටවත් මඩගහන්න බැරි එකම දේ ඒක තමයි. මං එයාටත් ඒක කිව්වා.

මේ අවුරුද්දේ මගේ මියුසික් වීඩියෝ වලටත් වෙලාව අඩුයි. පසුගිය කාලෙ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් තරගෙට යන්න ඔක්කොම ලෑස්ති කරල පෙර පුහුණුවීමුත් කරලා මේ අධ්‍යාපන වැඩ නිසා අතඇරල දැම්මා. එත් ඉදිරියේදී ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් වේවි.‘