නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හා ජනතාවගේ කර මත අධික ලෙස බදුබර පැටවීමට විරෝධය පළ කරමින් ඉකුත් 30දා ගාල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන්  පිරිසක්
හික්කඩුව සීනිගම දේවාලයේදී දේව කන්නලව්වක් සිදුකර පොල් ගසා තිබේ. මෙහිදී කියූ වස් කවිය මෙසේය.


යහ පාලනේ හඬ විතරයි නොමැත වැඩ
වැට් බදු ගහල මුළු රටටම කෙළිය හැඩ
බඩු මිල නැඟීයයි ඉහළට අහස උඩ
වැඩිකල් නොගොස් නා ගනු ඇත හොඳට මඩ


ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ මොහාන් පී. ද සිල්වා, දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ, දකුණු පළාත් සභා මන්ත්‍රිවරුන් වන ආරියවංශ සම්මු, චන්න සාලිය මැන්දිස් ඇතුළු පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටි අතර ජාති හිතෛශි ජනතා හඬ සංවිධානය මඟින් මෙම පොල් ගැසීම හා දේව කන්නලව්ව සංවිධානය කර තිබිණි.

ගාල්ල - කේ. ඒ. එස්. කුමාර, ලලිත් රුහුණගේ