ගෝඨාභය රාජපක්ෂ සමඟ
එම ආයතනය චීනයේ විදේශ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් බලපෑම් කරන ආයතනයක් බවත් දීර්ඝ කාලීන සැලසුමකට අනුව ලංකාවේ ඉදිරි අනාගත දේශපාලන නායකත්වයට ගෝඨාභය රාජපක්ෂ පත්කිරීම මෙම දේශපාලන සැලසුමට අයත් බවත් පැවසේ.
ඒ අනුව 'වියත් මඟ' නමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විද්වතුන් කිහිප දෙනකු සමඟ එක් වී ගමින් ගමට ගොස් ජන කොටස් ආමන්ත්‍රණය කිරීම සිදුකර ඇති අතර ඒ ඔස්සේ ජනතාව වෙත සමීප නායකත්වයක් ඔහු වටා ගොනු කිරීම අපේක්ෂාවයි.
දේශපාලන නායකයින් බිහිකර ඔවුන් පාර්ලිමේන්තුවට යොමු කිරීම සිය මාධ්‍ය භූමිකාව තුළ සිරස මාධ්‍ය ජාලය මගින් නිරන්තරයෙන්ම සිදු කරන්නකි.
මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාව ශ්‍රීලනිපයේ 2020 ජනාධිපති හෝ අගමැති අපේක්ෂකයා කිරීමේ මෙහෙයුමක් බවත් පුවත්පත් වාර්තාවේ දැක්වේ.