අද ජොහැනස්බර්ග් හිදී අවසන්වූ සංචාරක ශ්‍රී ලංකා පිල හා දකුණු අප්‍රිකානු පිල අතර පැවති තෙවැනි හා
අවසාන ටෙස්ට් තරගයද
ලංකාව පරාජයට පත්වූයේ දරුනු ලෙසයි. මුල් ඉනිමේ දකුණු අප්‍රිකාව රැස්කළ ලකුණු 426ට පිළිතුරු ලෙස ඉනිම දෙකකදීම එම සංඛ්‍යාව අභිබවා යන්නට ලංකාවට බැරිව ගිය අතර දකුණු අප්‍රිකානුවන් ඉනිමක හා ලකුනු 118ක ජයක් ලැබුවා.
දුර්වල පිතිකරණය නිසා ලංකාව දිගින් දිගටම අසරණවී පරාජයට පත්වූ තෙවැනි වතාව මෙයයි.