ජාතික පොලිස් කොමිසමේ සභාපති මහාචාර්‍ය සිරි හෙට්ටිගේ මහත ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

පසුගිය කාලයේ
පොලිස් කොමිසම පිහිටුවීමෙන් පසු පොලිසිය හා සම්බන්ධ ප%ශ්න රැසක් වෙනුවෙන් ඔහු මැදිහත්වී ක්‍රියා කර තිබුණි.
කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යොෂ්ඨ මහාචාර්යවරයෙකු වූ ඔහු ජර්මනියේ හයිඩ්ල්බර්ග් විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙස පත්වීමක් ලැබීම හේතුවෙන් පොලිස් කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව දන්වා ඇත.