පසුගිය සතියේ හදිසියේ ඩෙංගු රෝගය නිසා අසාධ්‍යව දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුව කොළඹ ජාතික රෝහලට හෙළිකොප්ටරයකින් රැගෙන ආ ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය
දින පහක
කාලයක් නේවාසික ප්‍රතිකාර ලැබීමෙන් පසුව  සුවය ලබා එම රෝහලෙන් ඊයේ (2දා) නිවෙසට පිටත්ව ගොස් තිබේ.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරුණු නිසා ඇයගේ ප්‍රතිකාර කටයුතු අවසන් කළ බවද රෝහල් ප්‍රකාශකයෙක් දන්වා සිටියේය. ඇයගේ රුධිර පට්ටිකා අගයන් හොඳ මට්ටමට ආ නිසා තවදුරටත් රෝහලේ සිටීමට අවශ්‍ය නැති බව දන්වා පිටත්කර යැවූ බවත් ඇය ඉදිරි කාලයේ විවේක ගැන්වීම වැදගත් බවත් වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.