රට පුරා දුම්රිය හරස් මාර්ගවල දැනට පවතින බම්බු ගේට්ටු වෙනුවට සීනුව සහිත විදුලි ගේට්ටු සවිකිරීමට මේ වසරේදී පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා පවසයි.

රට පුරා බම්බු ගේට්ටු ඇති ස්ථාන 670ක් තිබෙන අතර පළමු අදියරේදී රට පුරා පවතින බම්බු ගේට්ටු සහිත ස්ථාන 200ක් තෝරා ගෙන එකී ස්ථානවලට සීනුව සහිත විදුලි ගේට්ටු සවිකෙරේ. ඉතිරි ස්ථානවලටද වසර තුනක් ඇතුළත සීනුව සහිතව විදුලි ගේට්ටු සවිකිරීමට නියමිතය.

දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් මසක් තුළ මියයන සංඛ්‍යාව 30ක් පමණ වන බවත්, වසරකට 300කට අධික සංඛ්‍යාවක් ජීවිතක්‍ෂයට පත්වන බවත් සාමාන්‍යාධිකාරිවරයා පැවැසීය.

බද්දේගම - ඕ. කමලනාථ