ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (27) නුගේගොඩ සංවිධානය කර ඇති ජන රැලියට පිළිතුරු ලබාදීම සඳහා
එක්සත් ජාතික පක්ෂය අනිද්දා (28) පස්වරු 2.00ට අනුරාධපුර සාලියපුරදී ජන රැලියක් සංවිධානය කර

තිබේ.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා සංවිධානය කරන මෙම රැලිය අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මේ සඳහා පක්ෂ මහ ‍ලේකම් අමාත්‍ය කබිර් හෂීම්, නියෝජ්‍ය මහ ‍ලේකම් අමාත්‍ය අකිල විරාජ්
කාරියවසම්, අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරුන් ඇතුළු
මැති ඇමැතිවරුන් සහභාගිවීමට නියමිතය.
(නිමල කොඩිතුවක්කු)