මෛත්‍රිපාල ජනපති මළාද බං?
විජිත රෝහණගෙන් පාඨකයන් අසද්දී
ඔහුගේ ජන්ම පත්‍රය ඉන්දික තොටවත්ත බලලා

බණ්ඩාර හා අබේගුණවර්ධනගෙන් පසුව ජ්‍යොතිෂ්‍යය දේශපාලන වාසි අනාවැකිකරණයේ යෙදවූ විජිත රෝහණ විජේමුණි ජනවාරි 26 වනදාට පෙර ජනපති මියයනවා කියූ අනාවැකිය අද වනවිට වැරදී ඇත.
‘මෛත්‍රිපාල ජනපති මළාද බං?‘ කියා ඔහුගේ ෆේස් බුක් පිටුවෙන් අද පාඨකයන් විමසන ප්‍රශ්න වලට
උත්තර නොලැබී ඒවා

අද මිනිත්තු කිහිපයකදී මැකී යන බවද පැවසේ.
මුලින්ම මීට මාස කිහිපයකට පෙර ඉතාමත් බරපතල ලෙස මාධ්‍ය ඔස්සේ නොබියව ඉදිරිපත් කළ එම අනාවැකියේදී අද 26 සිදුවන සෙනසුරු මාරුව ජනපතිට අපල බවත් 26 ට පෙර නියත වශයෙන්ම මියයන බවත් සපථ කළ නමුත් ඒ සම්බන්ධයෙන් විවිධ විවේචන නිසා අනාවැකිය සඵල නොවන බවට වැටහී 2017 ජනවාරි 18 වනදා ඔහු එය වෙනස් කර අප්‍රේල් මාසයේදී සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර වීමක් සිදු වන බැවින් ආදාල අනතුර මාස 10කින් කල්ගිය බවට සංශෝධනයක් කර තිබුණි.
(ග්‍රහ මාරු සිදුවන බොහෝ අවස්ථාවලදී ඒවායේ ඉලිප්සාකාර ගමන නිසා වක්‍රයන් සිදුවන අතර එය නොදැන ජ්‍යොතිෂ්‍ය අනාවැකි අඩමානෙට වෙනස් කිරීම ශාස්ත්‍රය දන්නා අයගේ හාස්‍යයටද ලක්ව තිබුණි)
ඔහුගේ ‘මරණය කල්ගිය කතාව‘ එකී වරදින අනාවැකියෙන් සිදුවන්නට යන අවමානය වසාගන්නට කළ එකක් බවටද අදහස් පළ විය.
ඔහු මේ කියූ අනාවැකිය වැරදුණ නිසා මින් ඉදිරියට අනාවැකි කිවීම මෙන්ම සියලු ජෝතිෂ්‍යය කටයුතු වලින් බැහැර වනු ඇතැයි දන්වා තිබේ.
 මේ අතර තවත් අනාවැකි කියන්නෙකු වන ඉන්දික තොටවත්ත මහතා විජිත රෝහණගේ ජන්ම පත්‍රය පරික්ෂා කරමින් ජනපතිට නොව අපලය ඇත්තේ ඔහුට බව දන්වා තිබේ.
2017 ජනවාරි 19 වනදා වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හරිමින් ඉන්දික තොටවත්ත පැවසු කරුණු පහතින් දැක්වේ.