ඒකාබද්ධ විපක්ෂය අද (27දා) නුගේගොඩදී පවත්වන 'පෙරළියක ඇරැඹුම' ජනහමුවේදී රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ පටිගත කරන
ලද කතාවක්
ප්‍රචාරය කිරීමට එහි සංවිධායකයෝ කටයුතු කරන බව වාර්තාවෙයි.
විනාඩි විස්සක එම කතාව, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව පුළුල් තිර ඔස්සේ ප්‍රචාරය කෙරෙන බවද කියැවේ.
 මේ ගැන සැලවී එජාප කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා එය විවේචනයට ලක්කර තිබේ.
විවෘත දේශපාලන වේදිකාවක කතා කරන ස්වභාවයෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා පෙරේදා (25දා) පාර්ලිමේන්තුවේදී
වරප්‍රසාදවලට මුවාවි වීඩියෝ කතාවක් පටිගත කළ බවත් එම රැස්වීමේදී එකී වීඩියෝ පටය ප්‍රචාරය කිරීම නින්දිත ප්‍රයත්නයක් බවත් එවැනි දේට ප්‍රචාර ලබාදීමේ සදාචාරාත්මක වගකීම මාධ්‍ය සතු බවද පෙන්වා දෙයි.