බිබිල උඩුබුබුළ ගම්මානයේ
මියගිය පොලිස් නිලධාරියා පසුගිය ජනවාරි 01දා අලුයම 1.30ට පමණ රාජකාරි නිමවී යතුරුපැදියෙන් නිවෙස බලා පැමිණෙමින් සිටියදී කරාඩුගල මාකඩකන්ද අසලදී නරියකු යතුරුපැදියේ ගැටී යතුරුපැදිය පෙරළී අනතුර සිදුව තිබෙන බව පොලිසිය කියයි. අනතුරින් පොලිස් කොස්තාපල්වරයාගේ හිස ගසක වැදී බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් බිබිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(පස්සර _ අමිල ක්රිෂාන්ත)