සමයංගේ මරණයට කඩුවෙල රතිඤ්ඤා පත්තුවෙයි
හදාගත් මාපියන්ට වද දුන්
සමයංගේ කතාව හා ඔහු සිදු කළ පාපොච්චාරණය
රණාලේ සමයං හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ ඊයේ සතුරු වෙඩි පහරින් මියගියා. බන්ධනාගාර බස් රථය ඇතුළින් ඇදෙගෙන ඇවිත් පාපුරුව මත සිටුවා වෙඩිතබා ඔහු කුරිරු ලෙස මරා දැමුවා.ඊයේ කඩුවෙල සමයං මරණය නිසා රතිඤ්ඤා පත්තුවූ බවද සැලයි.
2015 වසරේ සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල අධිකරණ භූමියේදීම ඔහුට එල්ලවූ පළමු වෙඩිල්ලෙන් බෙරෙන්නට හැකි වුණත් දෙවැන්න එසේ වූයේ නැත.
ඔහුට වෙඩි තබා ඇත්තේ තවත් පාතාල කල්ලියක් මෙහෙයවන අංගොඩ ලොක්කා බවට සැකකෙරෙන අතර ඒ ගැන සොයා පරීක්ෂණ සිදුවේ. රණාලේ සමයං යනු දරුවන් නොසිටි රණාල කණිෂ්ඨ විද්‍යාලයේ ගුරු යුවළක් දරුකමට හදාගත් කෙනෙකි.
සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනය කඩාකප්පල් කරගත් ඔහු ගංජා හා මත්කුඩු වලට ඇබ්බැහිවී
තම දෙමාපියන් ලෙස සිටි යුවළගේ
ඔහු බලාගත් පියා මියයාමෙන් පසු මව බය කරගන ජීවත්වූ ඔහු පළාතේ කොල්ලන් සමග කල්ලිගැසී මාපියන්ට නිගරුවන ලෙස හැසිරුණි. නමුත් ඔහුගේ මව ඔහුව දිගටම අත්හැරියේ නැත.
ලක්ෂ 5 ක කොන්ත්‍රාත්තුවකට මිනීමැරුමක් සිදු කර වරක් පොලිස් අත්අඩංගුවට පත්වූ හෙතෙම පසුව ඇප මත නිදහස් වුවත් කුලියට මිනීමැරීම හා කොල්ලකෑම දිගටම සිදු කළ පාතාල චණ්ඩියෙකු විය.
පසුව විවාහ දිවියට පිවිසි ඔහු එක් දරු පියෙකු වුවත් මාපිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උනන්දු නොවූ අතර කණ්ඩායමක් සාදාගෙන පලාතක් බයකරගෙන සිටිම ජීවිතය යයි තේරුම් ගත්තේය. ඔහු 20 දෙනෙකුට ආසන්න පිරිසක් මරා ඇතැයි කියැවේ.ඒවා ඔහු විසින් හෝ ගෝලයින් ලවා කරවා ඇත. බන්ධනාගාරයේ සිටියදීත් අපරාධ මෙහෙයවීමට ඔහු හොඳ සැලසුම් කරුවකු වන අතර 2015 ඔහුට බන්ධනාගාර බසයේ මුල් ප්‍රහාර එල්ලව ඇත්තේද එවැනි සැලසුමක් සිදු කිරීමේ පලිය වශයෙනි.
පහත පළවන්නේ සමයං මීට කලකට ඉහත (2015) පුවත්පතකට සැපයූ සම්මුඛ සාකච්ඡාවකි. තමා වැනි අයෙකු සමාජයට බිහිවීමට හේතු ඔහු එහිදී පැහැදිලි කරයි.
මම අරුණ කියන්නද? සමයං කියන්නද?
අවුලක් නෑ. අරුණ කියන්න.
ඇයි එතකොට සමාජය ඔබට සමයං කියන්නේ?
යාළුවොත් එක්ක ඉඳලා දඟලලා.. කියන දේ අහන්නේ නෑනෙ.. ඒකයි..
ඔබට චණ්ඩියෙක් වෙන්න ඕනෑ වුණා. එහෙමද?
මට චණ්ඩියෙක් වෙන්නවත් පාතාලයෙක් වෙන්නවත් ඕනේ නෑ. මට දැන් පාඩුවේ ජීවත්වෙන්නයි ඕනෑ. ඒත් ඒකට ඉඩක් නෑ.
ගම්පළාත කොහේද?
මගේ උපන් ගම පොළොන්නරුව. මම ඒක දැනගත්තෙත් පස්සෙ.
ගුරුවරු දෙන්නෙක් අම්මා තාත්තා වුණා කියන්නේ ඇත්තද?
ඒවා ඇත්ත. ඔවුන් තමයි මාව හදාගත්තෙ.
පවුලේ සහෝදර සහෝදරියො?
කවුරුවත් නෑ. මට මම විතරයි.
අධ්‍යාපන කටයුතු කළේ?
බෝමිරියෙ.
කුඩා කාලෙ ගෙවුණු හැටි ගැන කිව්වොත්?
මම 5 වසරෙදි තමයි තාත්තා මියගියේ. අපිට දේපළ ගොඩක් තිබුණා. අම්මයි මායි විතරක් නිසා දේපළවලට වහ වැටුණු අය අපට ප්‍රශ්න ඇතිකළා. මම ඒ අසාධාරණ වැඩ ගැන කතාකරන්න ගියාම හදාගත්ත එකා කියමින් මිනිස්සු මාව කොන්කළා.
ඥාතීන් උදවු කළේ නැද්ද?
ඥාතීන් අපි දෙන්නාව කොන්කළා. උදවු කරන්න කවුරුත් ආවේ නෑ.
පාසැලේ අධ්‍යාපන වැඩවලට මොකද වුණේ එතකොට?
මම ඕ ලෙවලූත් පාස් වුණා. ඒත් ඒ ලෙවල් කරන්න වැඩ කරගෙන යද්දි තමයි ප්‍රශ්න ආවේ.
කැමැත්තෙන් හදාරපු විෂයන් තිබුණාද?
ඔව්. සිංහලවලටයි ගණන්වලටයි මම ගොඩක් ආසාවෙන් හිටියේ.
කොහොම හරි ඒ ලෙවල් කරන්න ඕනෑ කියලා හිතුවෙ නැද්ද?
ගමේ ප්‍රශ්න එන්න එන්නම වැඩිවුණා. නෑදෑයො කියලා කවුරුත් නැති නිසා යාළුවන්ට තමයි බරවුණේ. මාවයි අම්මවයි ගමෙන් එලවන්න තරහකාරයන් නොයෙක් දේ කරන්න ගත්තා. මට අවස්ථා කීපයකදීම පහරදුන්නා. ඊටපස්සෙ තමයි මේ තත්ත්වෙට වැටුණේ.
කරදර වුණා කිව්වේ මොනවද?
තාත්තා නැතිවෙලා අවුරුදු දෙක තුන යද්දී මාව එලවන්න බොහෝ අයට ඕනෑ වුණා. අම්මගෙන් ලක්ෂ තුනහමාරක කප්පම් ඉල්ලලා ගෙදරට ලියුමක් ආවා. මේ ඔක්කෝටම මුල වුණේ දේපොල වත්කම්. ඒ ලියුමෙන් කිව්වේ සල්ලි නොදුන්නොත් මාව මරණවයි කියලයි. අම්මා ඒකට බයවුණා. ඒ ගැන නවගමුව පොලිසියට පැමි‚ල්ලකුත් දැම්මා. එතකොට මම 7 වසරේ. මේ ඉතිහාසෙ පොලිස් පොත්වලින් වුණත් හොයාගන්න පුළුවන්.
මේ දේවල් වැඩිහිටි කෙනෙකුට ගුරුවරයෙකුටවත් කිව්වෙ නැද්ද?
එතකොට මම ටික ටික යාළුවොන්ගෙ ආශ්‍රයට යොමුවෙලා. අම්මා උපරිමෙන්ම මාව ගලවාගන්න බැලූවත් මට ඔක්කොම එපා වෙලා තිබුණෙ.
අතට කීයක් හරි හොයාගන්න ඕනැ කියලා අදහස් ආවද?
නෑ.නෑ..මගේ අම්මා මට කරන්න පුළුවන් උපරිමෙන් සැළකුවා. අපිට කඩ තිබුණා. ඒ ටික බලා කියාගෙන හිටියෙ.
පාසැල් කාලේ ප්‍රේම සම්බන්ධකම් තිබුණා ද?
ප්‍රේම සම්බන්ධකම් තිබුණත් ඒවා ගැන ගැඹුරින් හිතන්න මගේ මනස හැදිලා තිබුණේ නෑ. 2004 තමයි මම ඕ ලෙවල් කළේ. ඊටපස්සෙ මම වැඩිපුර හිටියෙ ගෙදරින් පිට.
මුලින්ම පොලිස් අත්අඩංගුවට පත්වුණේ කවදද?
2007 දි.
මොකද්ද හේතුව?
තුවක්කුවක් තියාගෙන හිටිය කට්ටියක් ළඟ මම හිටියා කියලයි ඇල්ලූවේ. එහෙම අල්ලන් ගිහින් පොලිසිය බෝම්බයක් දාලා මාව ඇතුලට දැම්මා. එතැනින් තමයි මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට යන්න පටන්ගත්තේ.
ඉස්සෙල්ලාම පොලිස් අත්අඩංගුවට පත්වෙද්දි මොකද හිතුණේ?
මාස තුනක් පොලිසියෙන් ඇතිවෙන්න ගුටිකෑවා. මාරක බයක් මට දැනුණෙ. මට අම්මාව මතක් වුණා. අම්මා අදටත් නොන්ඩි ගහනවා. මොකද මාව බලන්න ඇවිල්ලම වැටිලා අම්මට කකුලෙ අමාරුවක් හැදුණා. පොලිසියෙන් දාපු බෝම්ඛෙ තමයි මාව මේ තත්ත්වෙට පත්කළේ. නැත්තන් අද මම මේ වගේ තැනක නෑ.
නැවත හිරෙන් එලියට එන්නේ?
2009 දි.
විවාහක ද?
ඔව්. 2014 තමයි විවාහ වුණේ. මට දරුවෙක් ඉන්නවා.
වැටුණු වළේ හැටියට දරුවාගේ අනාගතේ ගැන මොකද හිතන්නේ?
මම වැටුණු සමාජයට දරුවා වැටෙන්න ඉඩදෙන්නේ නෑ. මම දරුවාව මෙහේටවත් ගෙන්නගන්නේ නෑ. මොකද මට ඉන්නෙ දැන් අම්මයි බිරිඳයි දරුවයි.
ඔබ සමඟ සිටි මිතුරනුත් මේ තත්ත්වෙ එක්ක අනතුරේ වැටෙනවා නේද?
ඔව්. ඒක අනිවාර්යෙන් වෙනවා.
ඔඛෙන් පළිගන්න විරුද්ධ පිලට දේශපාලන සහායත් ලැඛෙනවා යැයි කියන්නෙ ඇත්තද?
ඔව්. මමත් එහෙම හිතනවා.
දේශපාලන වැඩවලට කාට හරි වැඩ කළා ද?
මගේ සම්බන්ධවීමක් නෑ. මගේ හිතවත් පිරිස නම් දේශපාලන වැඩවලට උදවු වුණා.
ජීවිතේ වෙනස් කරගෙන අලූත් ලෝකයකට යන්න හිතෙන්නේ නැද්ද?
මම අලූත් ලෝකයකට යන්න හිතාගෙන ඉන්නකොට තමයි නැවත කරදර කරන්නේ. බිරිඳයි දරුවයි එක්ක විදෙස්ගත වෙලා පාඩුවෙ ජීවත්වෙන්න හැදුවේ. මට උසාවියෙදි වෙඩිතියන්නේ මම වෙනස්වෙන්න හිතන් ඉන්නකොට. කඩුවෙල කුඩු විකුණන්න එපා කිව්වා කියලයි මට වෙඩිතියන්නෙ. මම වෙනස්වෙන්න හදද්දී මගේ කොල්ලො මරනවා.
තාම අවුරුදු විසි හයයි. ජීවිතේ ආපු වේගෙ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
මගේ ජීවිතෙ වේගවත් කළේ සමාජය. මට ඔය ගහන හංවඩුවල තරම් දේවල් මම කරලා නෑ. මගෙන් කරදර වුණේ මාව මේ තැනට දාපු අයට විතරයි.
ඔබේ ජීවිතේට අනතුරක් වුණොත්?
මට තාමත් ජීවත්වෙන්න ගෙදර පරිසරය තිඛෙනවා. මම කරදර කළේ මට කරදර කළ අයටයි. මම වැදගත් පවුලක කොල්ලෙක්. මම නැතිවුණත් මගේ දරුවාට ඒ වගේ වැදගත් අනාගතයක් ලබාදෙන්න ඕනෑ. මට වෙච්ච දේවල් දරුවාට වෙන්න මම ඉඩතියන්නේ නෑ.
(තොරතුරු- අයිරංගි එදිරිසිංහ )
(සාකච්ඡා සටහන - බිඟුන් මේනක ගමගේ - ලංකාදීප)