කොළඹ ආනන්ද, නාලන්ද සහ ඩී.එස්.සේනානායක විදුහල්වල ඇති වූ
ඉදිරියේ දී මෙවැනි සිදුවීම් සිදු නොවිමට විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බව අවධාරණය කළ අධ්‍යාපන ඇමැතිවරයා සිසු ගැටුමක් ඇති වුවහොත් එහි වගකීම විදුහල්පතිවරුන භාර ගත යුතු බවද දැනුම් දුන්නේය.
මහා ක්‍රිකට් තරග පැවැත්වෙද්දී ගැටුම් ඇති නොවී සාමය පවත්වා ගෙන යා යුතු බවත් තරග පැවැත්වෙන අතරතුර දී සිසු ගැටුමක් ඇති වුවහොත් විදුහල්පතිවරුන් වගකිව යුතු බවත් අධ්‍යාපන ඇමතිවරයා විදුහල්පතිවරුන්ට දැනුම් දුන්නේය.
පාසල්වල පන්ති මට්ටමින් සිසු ගැටුම් විසඳීම ගැන පන්ති භාර ගුරුවරුන් අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කරන ලෙසද පැවසුවේය.
(ශිරෝමි අබයසිංහ)