රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් සයිටම් ආයතනයට විරෝධය දක්වා උදේ 8.00 සිට දහවල් 12.00
දක්වා දකුණු පළාතට අයත් හම්බන්තොට,
ක්‍රියාමාර්ගය දියත් කර තිබෙන අතර හදිසි සේවා පමණක් සිදුකරන තත්වය තුළ රෝගීන් අසරණ වී ඇත.
දකුණු පළාත් රෝහල් තුළ ආරම්භ කර තිබෙන වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශයට හා
සායනවලට පැමිණ රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව බැණ වදිමින් සිටින බව වාර්තාකරුවන් සඳහන් කළා.
කිසිදු පූර්ව දැනුම්දීමක් සිදුනොකර උදේ 8.00 සිට මෙම වර්ජනය ආරම්භ කර තිබෙන බව ඔවුනගේ චෝදනාවයි.
සයිටම් හරහා ජනතාවට ජීවත්වීමේ අයිතිය අහිමි වන නිසා ජනතා ජීවිත සුරක්ෂිත කරගැනීමට මෙම
ක්‍රියාමාර්ග සිදුකරන බවද GMOAලේකම් වෛද්‍ය නවින්ද සොයිසා සඳහන් කරයි.