ඊයේ( 8 ) ට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්
ඔබාමා ආර්යාව පන්ති කාමරය ඇතුල්වී ගැහැණු ළමයි පිරිසක් සමග කථාබහට ආ අවස්ථාව කෑ ගසා සමරන්නට තරම් එය විස්මයට කරුණක් වූ බව එම සිසුවියන් විසින් සමාජ මාධ්‍ය වෙත දක්වා තිබුණි.
'අපි වටිනා කාන්තාවන් පිරිසක් සමග ජාත්‍යන්තර කාන්තා දිනය සමරනවා. අපි ඔවුන්ගේ ජීවිත සහ අධ්‍යාපනයේ වැදගත්කම ගැන කතා කරන්න යනවා‘ යනුවෙන් මිෂෙල් ඔබාමාද සටහනක් තබා තිබුණි.
ඇය ගැහැනු ළමයින් සමඟ ඡායාරූප සඳහා පෙනී සිටි අතර ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපනය ගැන සාකච්ඡාවකට සහභාගී වුණි.