රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවකට සහභාගීවූ පාසල් කැඩෙට් සිසුන් 6 දෙනෙකු නිරුවත් කර වීඩියෝ ගත කිරීමේ සිද්ධියක් නිසා ආන්දෝලනයක් හටගෙන තිබේ.
මෙම කැඩෙට් පුහුණුව නේවාසිකව
මුලින්ම සිද්ධිය සම්බන්ධයෙන් ආරංචිවී අතවරයට ලක්වූ සිසුන් පැමිණි මහනුවර ප්‍රසිද්ධ පාසලේ විදුහල්පතිවරයා වත්තේගම පොලිසියට පැමිණිලි කර තිබේ.
පසුව හසලක පොලිසිය මේ ගැන විමර්ශන අරඹා ඇත. ඒ අනුව සිද්ධියට අදාළ සිසුන් තිදෙනා අත්අඩංගුවට පත්ව ඇත.
තමුන්ට නිරුවත් වන්නට බල කළ බවත් පසුව වීඩියෝ ගත කළ බවත් අතවරයට පත් සිසුන් දන්වා ඇත.
සිසුන් තිදෙනා මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.