ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනපතිවරණ ප්‍රචාරණය අතරතුර දන්වා සිටියේ තමා ජනපති පදවියට
පත්වුවහොත් වැටුප් ලබාගන්නේ නැති බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ නිරීක්ෂණයෙන් පසුවෙමින් වාර්තා පළ කරන NBC පුවත් සේවාව දන්වා සිටින්නේ මේ වනවිට ඇමරිකානු ජනපතිවරයා වෙනුවෙන් වැටුප් චෙක්පත් 2 ක් නිකුත්ව ඇති නමුත් කිසිවක් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට බැර කර නැති බවයි. ඒ අනුව ඔවුන් ජනපතිවරයා කියූ දේවල් නොකර වැටුප සඟවා ඇති බවට පුවත් වාර්තා පළ කර තිබේ.