බංග්ලාදේශය මුල්වරට
ටෙස්ට් තරගයකින්
ලංකාව පරාජය කරයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය අද වාර්තා කළේය.
බංග්ලාදේශයේ 100 වැනි ටෙස්ට් තරගය වූ මෙය ඔවුන්ට විශේෂ සටහනක්ද විය.
අද ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් හඹා ගිය, බංග්ලාදේශ ක්‍රීඩකයින්, කඩුලු 4ක් ඉතිරිව තිබියදී
ජයග්‍රාහී සීමාව පසු කළ අතර බංග්ලාදේශ කණ්ඩායමේ
බංග්ලාදේශයට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග ජයග්‍රහණයක් සඳහා වසර 16 ක් බලා සිටීමට සිදුවිය.
පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩයම සියලු දෙනා දැවී ලකුණු 338 ක් රැස් කළ අතර, ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ, බංග්ලාදේශ ක්‍රීඩකයින්, සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 467 කි.
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 319 ක් රැස් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු කඩුලු 2 ලකුණු 22 ක් තුළදී බිඳ වැටුණි.
තමීම් ඉක්බාල් ලකුණු 82 ක් රැස් කළ අතර, සෞම්‍ය සාකර් ලකුණු 10 යි.
ශබීර් රහමන් ලකුණු 41 ක් රැස් කළේය.
ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවූ නිසා දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 – 1ක්ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.