ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සාමාජිකයන් බඳවා ගැනීමේ කටයුතු අප්‍රේල් මස 3 වැනිදාට පෙර අවසන් කරන ලෙසට උපදෙස් ලබාදී තිබේ.
හිටපු අමාත්‍ය

බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවයින පුරා සිටින පළාත් පාලන නියෝජිතයන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් අතර ඊයේ (02දා) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්යාලයේ පැවැති විශේෂ හමුවකදී මෙලෙස උපදෙස් ලබාදී ඇත.
මැයි මස 1 වැනිදා ගාලු මුව‍ෙදාර පිටියේදී පැවැත්වෙන අන්තර්ජාතික කම්කරු දිනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පැවැත්වීමටත් ඒ සඳහා ඉතිහාසයේ වැඩිම ජනතාවක් සහභාගි වූ විශාලතම මැයි රැලිය ලෙස එය සිදු කිරීමට කැපවී කටයුතු කරන ලෙසටත් බැසිල් රාජපක්‍ෂ මහතා දැනුම්දී තිබේ.

(සිදත් මෙන්ඩිස්)