හෙරොයින් අල්ලන්න බැරිවෙන්න
රබර් සමග මිශ්‍ර කරන අලුත්ම ක්‍රමය
කටුනායකදී මාට්ටු
හෙරොයින් මත්කුඩු සම්බන්ධ පුවත් වාර්තාවෙන හැම අවස්ථාවකම අපට සිහියට නැගෙන්නේ සුදු පැහැති කුඩු වර්ගයක් ගැනයි. නමුත් මෙම කුඩු වර්ගය පහසුවෙන් පොලිසියට කොටුවීමේ අවාසිය මගහරින්නට රබර් සමග මිශ්‍රකර කළු පැහැයෙන් කාපට් ලෙස එළිදක්වන්නට
දැන් ජාවාරම් කරුවන් නිර්මාණශීලී වී තිබෙනවා.
කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මේවා රැගෙන ඇවිත් තිබුනේ පකිස්තානු ජාතිකයෙකි. ඔහුගේ ගමන් මල්ලේ රබර් කාපට් තුන අසුරා තිබුණ අතර තමා ඒවා පරිහරණය පිණිස මිලට ගත් කාපට් බව ඔහු මුලදී දන්වා ඇත. නමුත් පොලිසියේ සැකය මත එම කාපට් කපා සිදු කළ පරීක්ෂණයේදී මත්කුඩු ඒ අතර ඇති බව හෙළී විය.
රබර් ස්ථර දෙකක් අතර හෙරොයින් යොදා නිර්මාණශීලී ලෙස මේවා අසුරා ඇත්තේ අවශ්‍ය අයට කාපට් කැබලි කපා විකුණන්නටය. පසුව හෙරොයින් කුඩු ඒ අතරින් ලබාගන්නට හැකි වන සේ ඇසුරුම සිදු කර ඇත. අත්අඩංගුවට පත් පකිස්තානුවා ලබන 7 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරන ලදි.