2016 ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් පරිදි මැලේරියා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කළද, මැලේරියාව පවතින රටවලදි රෝග කාරකය ශරීරගතවිම නිසා රෝගය වැළදුන රෝගීන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇත.මේ වසරේ ගතවූ තෙමසකට ආසන්න කාලයේදී මැලේරියා රෝගීන් 14ක්ද හඳුනාගෙන
ඇතැයි ජාතික මැලේරියා

මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

හඳුනාගත් මැලේරියා රෝගීන් අතර ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශිකයන්ද සිටින බවත් ඔවුන්ගෙන් කොටසක් ඉන්දියාවේ සහ අප්‍රිකාවේ සංචාරය කළ අය මෙන්ම එම රටවල රැකියාවල නියුතුව සිටි අය බවද ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙයි.
මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල රැකියා සඳහා පැමිණ සිටින විදේශිකයන්ද මේ අතර සිටින බව සඳහන් කරන අධ්‍යක්‍ෂවරයා සංවර්ධන ව්‍යාපෘතිවල රැකියාවල නිරතව සිටින විදේශිකයන්ගේ ලේ පරීක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බවත් හඳුනා ගන්නා මැලේරියා රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළක් ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් ක්‍රියාත්මක කර ඇතැයිද සඳහන් කරයි.
(උපතිස්ස පෙරේරා)