දකුණු කොරියානු ජනපතිනි පාක් ග්වෙන් හයි දූෂණ චෝදනා වලට වරදකරුවීම නිසා අද (10) සිය තනතුරින් නෙරපීමට එරට නීතිය අනුව අධිකරණ නියෝග නිකුත් වුණා.
මේ ආකාරයට
ඇයගේ දූෂණ සිද්ධි නිසා පසුගිය සති කිහිපය පුරාම එරට උද්ඝෝෂණ පැවති අතර ජනතාව වීදි බැස ඇය ඉවත් කරන ලෙස උද්ඝෝෂණ කර තිබුණි.
ඇයට එරෙහි දෝෂාභියෝගය එරට අධිකරණය විසින් පසිඳලණු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස අද ඇයට ධූරයෙන් ඉවත්වන්නට නියෝග කෙරුණි.
පාර්ක් ගුවෙන් හයි, යනු කොරියානු ශීතල යුද්ධයේ හමුදා ආඥාදායක පාර්ක් චුං-හීගේ දියණියයි.