මේ දිනවල වඩාත් කතාබහට ලක්ව තිබෙන්නාවූ පසුගිය රජය සමයේ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ පරීක්‍ෂණ සඳහා පත් කළ බරපතළ වංචා දූෂණ විමර්ශනය
කරන ජනාධිපති පරීක්‍ෂණ

කොමිසමේ කාලය ලබන 6 වනදාට අවසන්වීමට නියමිතව තිබුණි.
දැන් වාර්තාවන්නේ ජනාධිපතිවරයා විසින් එය මාස 6කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බවයි. ඒ අනුව මාර්තු 6 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි එම කොමිසමේ කාලය සැප්තැම්බර් 05දා දක්වා දීර්ඝ වනු ඇත.
ඉකුත් රජය සමයේ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා අවසන් කරන ලෙස විමර්ශන වාර්තා 9 ක් පමණ මේ වන විට ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවද කියැවේ.