පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේදී ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මෙසේ කියා සිටියේය.
2015 ජනවාරි ගැසට් පත මහින්දගේ කාලේ රාජ්‍ය වංචාවට නිදසුනක් කියලා රාජ්‍ය පුවත්පතේ නිවේදනයක් පළ වෙනවා. සාක්කි දෙද්දි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කිව්වා
නිකුත් කළ නිවේදනය මේක නෙවෙයි කියලා.
කොමිසම තවදුරටත් ප්‍රශ්න කරද්දී ඔහු කිව්වා මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ මුදල් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් කියලා. මෙවැනි දෙයක් කළාම ලැජ්ජා බය තියෙන මුදල් අමාත්‍යවරයෙක් නම් වහාම නිලයෙන් අස්විය යුතුයි. මොකද දේශීය හා විදේශීය වශයෙන් බලපාන කෝටි ප්‍රකෝටි බැඳුම්කර නිකුතුවක් ගැන මහ බැංකුවට, හිටපු ජනාධිපතිවරයාට, හිටපු මහ බැංකු අධිපතිට චෝදනා එල්ල කරමින් නිවේදනයක් නිකුත් කිරීම නිසා. විදේශිකයන් මේ සුරැකුම්පත්වල ආයෝජනය කළ කොටස් සියල්ල ආපහු ඉල්ලුවොත් කවුද ඒකට වගකියන්නේ..? මුදල් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ද..?
රවි කරුණානායක මුදල් ඇමැතිවරයා "අංගොඩ ලොක්කා" වගේ කටයුතු කරන්න ගියොත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා "සමයං" වගේ විනාශයට පත්වෙනවා. ඒ නිසා රටේ මුදල් අමාත්‍යවරයා අංගොඩ ලොක්කා නොවී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට "සමයං"ට අත්වූ ඉරණම සිදුනොවීමට වගබලා ගත යුතුයි.