සමයං අංගොඩ ලොක්කාට
සති දෙකක වොර්නින් දීලා තිබුණලු
පසුගියදා බන්ධනාගාර බස් රථයකදී වෙඩි තබා මරාදමනු ලැබූ පාතාල නායක සමයං ඝාතන පරීක්ෂණ සිදු කරන පොලිසිය මේ වනවිට එය අංගොඩ ලොක්කා කල්ලිය හා මාකඳුරේ ධනුෂ්ගේ කල්ලිය එක්ව සිදුකළ ඝාතනයක් බව තහවුරු කරගෙන තිබේ.සැකකරුවන් අතරින් දස දෙනකුට වැඩි පිරිසක් මේ වන විට හඳුනාගෙන ඇති
බවද වාර්තාවේ.
මින් ඉහත ලිපියේ අප හෙළි කළ ආකාරයට මෙම ඝාතනයට හේතුව කාලයක් තිස්සේ පිල් දෙකකට බෙදී සිදු කරගන්නා පලිගැනීම් ජාලාවක ප්රතිඵලයකි.
මාකඳුරේ ධනුෂ්ගේ ප්‍රධාන ගෝලයා වූ කඹුරුපිටියේ හර්ෂ සමයං විසින් පිරිස් යොදවා මරා දැමීමේ ප්‍රතිඵල ලෙස සමයං මරා දැමීමේ ක්‍රමන්ත්‍රණ
තමා මරන්නට සූදානම් අය මරන්නටද සමයං පසුබට නොවූ පසුබිමක
‘ලෝකේ කොහේ හිටියත් මම උඹ සති දෙකක් ඇතුළත මරල දමනවා. පුළුවන්නම් පරිස්සම් වෙයන්...‘යනුවෙන් පසුගිය දිනෙක සමයං විසින් අංගොඩ ලොක්කාට සිරේ සිට පණිවිඩයක් එවා තිබුණි.
දකුණේ පාතාලය රජකරන මාකඳුරේ ධනුෂ් හා කොළඹ පාතාලයේ සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා එකට එකතුවී මෙම ඝාතනය ඉක්මන් කළේ එම තර්ජනය අනුව බව මේ වනවිට තොරතුරු ලැබී ඇත.
ඒ අනුව සමයංට ඉක්මන් වන්නට නොදී ඔහු මරා දැමුනේය.
සමයං ඝාතනයට අංගොඩ ලොක්කාගේ සහ ධනුෂ්ගේ පාතාල කල්ලි දෙකේම සාමාජිකයන් අඩුම වශයෙන් පහළොවකට වැඩි සංඛ්‍යාවක් සහභාගි වී ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
මෙම ඝාතන කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා රට පුරා පොලිස් කණ්ඩායම් පහක් තවත් පොලීසි ගණනාවක සහාය ඇතිව පුළුල් මෙහෙයුමත් කර ගෙන යන අතර පොලිසියෙන් බේරීම සඳහා ඔවුන් තැනින් තැනට පළා යමින් සැඟවෙමින් රටින් පළා යාමට උත්සාහ කරන බවද හෙළි වී තිබේ.
ඔවුන්ට කිසිසේත් රටින් පළා නොහැකි වන පරිදි ගුවන් තොටුපළවලත්, සියලුම හොර මුහුදු මාර්ගවලත් ආරක්කෙ විධිවිධාන තර කර තිබේ.
මේ අතර මොවුන්ගේ නම්වලට ව්‍යාජ නම් යොදා හොර රහසේ ව්‍යාජ විදෙස් ගමන් සකස් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී ඇත.
ගොසිප් ලංකා පෙර ලිපි
- සමයං මරාදමන්න අංගොඩ ලොක්කාටයි මාකඳුරේ දනුෂ්ටයි උවමනාවුනේ හර්ෂ මැරූ පලිය ගන්නලු
- සමයංගේ සිරුර භාරගන්න බිරියන් දෙදෙනෙකු ඉදිරිපත්වෙලා -මළ ගෙදර පාළුවට ගිහින්
- සමයංගේ කතාව හා ඔහු සිදු කළ පාපොච්චාරණය