අමෙරිකානු ජනපති ඩොන්ල්ඩ් ට්රම්ප් ලොව රටවල් 6ක ජනතාවට අමෙරිකාවට ඇතුළු වීම වළක්වමින් දින 90කට බලපැවැත්වෙන පරිදි ඊයේ විධායක නියෝගයක් නිකුත් කර තිබේ. නව විධායක නියෝගයට අනුව
ඉරානය, සුඩානය,
මින් ඉහත සංක්රමණික තහනම රටවල් 7 කට බලපැවැත්වූ අතර එහි ඉරාකයද විය. නමුත් මෙවර ඉරාකය ඉවත්ව ඇත. පෙර තහනම අධිකරණයෙන් ප්රතික්ෂේප වූයේ වගන්ති කිහිපයක දෝෂයක් නිසාය. එය සංශෝධනයට ලක්කරමින් නිකුත් කළ මෙම නව විධායක නියෝගය දින 90කට බලපැවැත්වෙන බව ධවල මන්දිරය වාර්තා කර තිබේ.
එක්සත් ජනපදයේ රාජ්ය ලේකම් රෙක්ස් ටිලර්සන් කියා සිටියේ අමරිකානු ජනතාවට ආරක්ෂාව සැපයීම සඳහා ජනාධිපති ට්රම්ප් මෙලෙස සිය බලතල පාවිච්චි කරන බව ය.