ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ
දෙවන විවාහය හා පුතුන්ගේ ප්‍රතිරෝධ
ප්‍රවීණ ගායක 75 හැවිරිදි වික්ටර් රත්නායක සම්බන්ධයෙන් මේ වනවිට අන්තර්ජාලයේ පැතිරී ඇත්තේ එක්වරම විශ්වාස කරන්නට අමාරු නමුත් සිදුවිය හැකි සිදුවීමකි.
සිය විවාහක බිරිය මියගොස් වසර 13ක් ගෙවුණු තැන ඔහු අලුත් විවාහයකට පිවිස සිටීමත් 33 හැවිරිදි කාන්තාවක සමග ඔහුගේ නව ජීවිතය ඇරඹිමෙන් පසු දරුවන් ඈත් කර තැබීමත් එම ආරංචියයි.
වාර්තාවන කරුණු සොයා බැලීමේදී එම කතාව ප්‍රබන්ධයක් නොව සත්‍යයක් බව
තහවුරු කරගත හැකි විය.
එහිදී ඔහු සටහන් කර ඇත්තේ තමන්ගේ පියා මාර්තු 1 වනදා මියගිය බවයි.
මෙම කෝපකාරී ප්‍රකාශයට හේතුවී ඇත්තේ තමන්ගේ මියගිය මෑණියන් වෙනුවෙන් පැවැත්වූ බව කියන දානමය පිංකමකට වසරක් පාසා එක්වූ වික්ටර් මෙවර එයද අලුත් බිරියගේ කීම මත වර්ජනය කිරීමත් තම පුතුන් සමග සබඳතා අත්හරින බවට ඔවුන් අමතා සිදු කරන ලදැයි කියන ප්‍රකාශයකුත්ය.
වික්ටර් රත්නායක විසින් විවාහ කරගත්තා යැයි පැවසෙන කාන්තාව අමේන්ද්‍රා නැමැති 33 හැවිරිදි බැංකුවක සේවය කළ (වර්තමානයේ රැකියාවක් නොකරන) තරුණියක් බවත් ඇය සමග අවුරුදු 9 ක් තිස්සේ වික්ටර් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ බවත් වාර්තාවේ.
වික්ටර් පසුගිය පෙබරවාරිය දක්වා ජීවත්ව සිට ඇත්තේ සිය දියණියගේ නිවසේ වන අතර පෙබරවාරි 18 වැනිදා වික්ටර් රත්නායකයන්ගේ 75 වන උපන් දිනය දා අලුත් විවාහය ගිවිසගෙන ඇත.
මේ වන විට අතුරුගිරියේ පිහිටි වික්ටර්ගේ නිවසේ ඔවුන් පදිංචිව සිටින බව වාර්තාවේ.
පරම්පරා තුනක දරු මුනුපුරු මිණිපිරියන් සිටින රටේ කීර්තිමත් ගායකයෙකු ලෙස නම් දැරූ වික්ටර් ඔහුගේ වයසින් අඩකටත් වඩා අඩු කාන්තාවක සරණයාම තම පවුලේ ගෞරවයට හානියක් ලෙස ඔහුගේ පුතුන් පෙන්වාදී ඇති නමුත් ඔහු තමන්ගේ අභිමතය පරිදි නව විවාහයට පිවිසී ඇත්තේ
‘‘ඔයාලා මගේ දරුවො නෙමෙයි. මට දරුවො නෑ. සංගීත වැඩ වලට විතරයි සම්බන්ධ වෙන්නේ. “ ලෙස කියමිනි. වික්ටර් දරුවන්ව ප්‍රතික්ෂේප කළ පසුව මහත්සේ සිත් තැවුලට පත්වූ ඔවුන් තවදුරටත් මෙම රහස සඟවා නොතබන්නට තීරණය කර ඇත.
වික්ටර් සතු විශාල වත්කම් වලට ආසාවෙන් මේ කියන කාන්තාව ඔහු රවටාගෙන ඇති බව ඔවුනගේ චෝදනාවයි.
පහත පළවන්නේ වික්ටර්ගේ පුත් ලෙලුම් මේ සම්බන්ධයෙන් දක්වා තිබෙන ෆේස්බුක් සටහන් දෙකකි.