අභියෝග මැද නොසැලුණ යසාරාට
සුන්දර වෙනසක්
සීඑස්එන් නාලිකාවේ හිටපු ප්‍රධානී යසාරා අබේනායක හිටපු ජනපති පුත් යෝෂිත සමග පෙම් පළහිලව් කතාව පසුගිය කාලයේ අන්තර්ජාලය තුළ පුවත් මැවූ ආරංචියක් වූයේ එයටම ඈඳුණු වසීම් තාජුඩීන් උපන් ලප කථාද
මූල් කරගෙනයි.
ඒ කාලයේ ඇගේ විවාහයට ජාතිභේද පදනම් කරගෙන පැතිරුණු කතාවලටද ඇය පසුව සැර පිළිතුරක් ලබාදුණි.
මේ විවිධ අභියෝග මැද නොසැලුණ ඇය ඇගේ ජීවිතයේ දැන් අලුත් පරිච්ඡේදයක් අරඹා ඇත.
ඇය දරු සම්පත් ලැබීමේ වාසනාව උරුම කරගෙන ඇත.
මේ සමග පළවන්නේ මිර්ජා ඇය සමග ඒ ගැන අඟවමින් පළකළ ඉන්ස්ටර්ග්‍රෑම් ඡායාරූපයකි. එහිදී ඔහු තමාගේ සික්ස් පැක් එක හා ඇගේ වන් පැක් එක සඳහන් කරමින් විහිළුවක්ද කර තිබේ.
යසාරාගේ අලුත් ජීවිතයට අපේ සුබ පැතුම්!