ඉදිරිපිට ප්රධාන මාර්ගයේදී පුද්ගලික මගී ප්රවාහන බස්රථයකට යටවීමෙන් අද (20) ප.ව. 12.45 ට පමණ කාන්තාවක් මිය ගොස් ඇත.
මස්කෙළිය සිට සාමිමලේ දක්වා ධාවනය කරමින් තිබූ මෙම බස් රථයේ දකුණු පස ඉදිරි රෝදයට හා පසුපස රෝදයට යටවීමෙන් මෙම කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ, මස්කෙළිය, සාමිමලේ, ස්ට්රැත්ස්පී තේ වතුයායේ අවරවත්ත කොටසේ පදිංචිව සිටි එස්.අමිර්තජෝති නැමති හැට දෙහැවිරිදි දෙදරු මවකි.
අනතුර සිදුවීමෙන් පසුව මියගිය අයගේ ඥාතීන් හා ප්රදේශවාසීන් කළහකාරී ලෙස හැසිරෙමින් මළ සිරුර රෝහල වෙත ගෙන යාමට බාධා කරනු ලැබුවේ රියදුරු හා කොන්දොස්තරවරයා සිද්ධිය වූ ස්ථානයට ගෙන එන ලෙස පොලීසියට බල කරමිනි. මෙහිදී රැස්ව සිටි පිරිස් විසින් බස් රථයේ වීදුරු වලට පහර දෙන ලදී.
මෙම අනතුර නිසා මස්කෙළිය-සාමිමලේ ප්රධාන මාර්ගයේ වාහන ධාවනය පැය කීපයක් ඇණහිට තිබුණි.
හැටන් පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් මත පොලිස් ආරක්ෂාව යොදා තිබුණි. මස්කෙළිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)