ජර්මනියේ බොරූසියා ඩොට්මන්
පාපන්දු කණ්ඩායම ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගෙන එරට හොස්ටන් නගරයේදී බෝම්බ ප්‍රහාර 03ක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුඒෆා චැම්පියන්ස් ලීග් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වීම සඳහා බොරූසියා ඩොට්මන් කණ්ඩායම හෝටලයේ සිට ක්‍රීඩාංගණයට යමින් සිටින අතරතුර මෙම ප්‍රහාර එල්ල වී ඇති බව ය.

ප්‍රහාරයෙන් ක්‍රීඩක මාක් බාට්ට්‍රා තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සෙසු ක්‍රීඩකයින්ට හානියක් සිදු නොවිණි.

සිද්ධියත් සමග මොනාකෝ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබූ අර්ධ අවසන් පූර්ව තරගය කල් දමා ඇති අතර ක්‍රීඩාංගණයේ සිටි 80,000කට අධික ක්‍රීඩා ලෝලීන් ආරක්ෂිතව ඉවත් කළේ ය.

ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ෆිෆා බලධාරීහු ප්‍රකාශ කළහ.

මේ අතර කල්දැමූ තරගය හෙට දිනයේ පැවැත්වීමට යුඒෆා චැම්පියන්ස් ලීග් තරගාවලියේ සංවිධායකයෝ අපේක්ෂා කරති.