ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී බ්‍රාහ්මණ වත්තේ සීවලී හිමියෝ ඊයේ (18 දා) අපවත් වූහ.
රෝගාතුරව
යාපනය නාගදීපයේ නායක හිමියන් වූ බ්‍රාහ්මණවත්තේ ධර්මකීර්ති හිමියන් යටතේ 1951 වසරේදී සීවලී හිමියෝ පැවිදි දිවියට පත්වූහ.
දෙමළ භාෂාව පිළිබඳ හසල දැනුමකින් හෙබි සීවලී හිමියෝ ඉන්දියාවේ මධුරෙයි විශ්වවිද්‍යාලයේදී දෙමළ මාධ්‍යයෙන් ශාස්‌ත්‍රපති උපාධිය ලබා පසුව එම විශ්වවිද්‍යාලයේම ආචාර්ය උපාධිය ලබා ඇත.
කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් නාගදීපය බේරාගැනීම සඳහා උන්වහන්සේ මහත් කැපවීමක් කළහ.
සීවලී හිමියන්ගේ දේහය කොළඹ බේස්‌ලයින් පාරේ නාගදීප ශාඛා විහාරයේ තැන්පත් කර තිබේ.