දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන බව
මැයි පළමුවනදා ලෝකයේ අනෙකුත් රටවල් හා සමගාමිව දාඩිය වගුරන, අව්වට වෑස්සට හුරු මිනිසුන් සමග ඔවුන්ගේ අයිතීන් සුරැකීමට අප ඔවුන් සමග එකතු වීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පිටකොටුව ප්‍රදේශයේ කාටත් නෙත නොගැටෙන නාට්ටාමි ජනතාව හා කසල ශෝධනයේ යෙදෙන ජනතාව සමග එකට එක්ව මෙම මැයි රැලිය පැවැත්වීමට බලාපොරොත්තුවන බවත් ඔවුන්ට නිසි තැන ලබාදීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා සදහන් කළ අතර නාට්ටාමිවරුන් 1500කට ජිවිත ජිවිත රක්ෂනාවරණයක් ලබා දෙන්නටද නියමිතය.
මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ සම සභාපති පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සහ නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා ද එක්ව සිටියේය.