උසාවි නියෝගයකින් කොළඹ කුණු කරදියානට
දින 11 කට පමණයි
කොළඹ නගරයේ එකතු වන කසළ පිළියන්දල පිහිටි කරදියාන කසළ අංගනයට බැහැර කිරීම සඳහා
කැස්බෑව වැඩ බලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය විසින් ඊයේ (18 වැනිදා) නියෝග කර ඇත.
එය දින 11 ක කාලයකට පමණක් බවද සදඳහන් විය.
මෙහිදී දිනකට කසළ මෙට්‍රික් ටොන් 350 ක
ප්‍රමාණයක් කරදියානට බැහැර කරන ලෙසත් එය අප්‍රේල් 17 වැනිදා සිට අප්‍රේල් 28 දක්වා පමණක් කසළ අංගනයට බැහැර කළ හැකි බවත් නියෝගයේ සඳහන් කර ඇ
මේ අනුව ඊයේ (18 වැනිදා) කසළ මෙටි්රක් ටොන් 350 ක් මෙම කරදියාන කසළ අංගනයට මුදාහැරීමට කොළඹ නගර සභාව පියවර
කොළඹ නගරයේ එකතු වන කැළි කසළ මෙතෙක් මීතොටමුල්ල ප්‍රදේශයට බැහැර කළ ද පසුගිය 14 වැනිදා එහි කුණුකන්දෙන් කොටසක් කඩාවැටීමත් සමඟ කැළි කසළ දැමීම තාවකාලිකව නවතා දමන ලදී.
එබැවින් කොළඹ නගරයේ කසළ කරදියාන ප්‍රදේශයට බැහැර කිරීමට අවසර දෙන මෙන් කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදී තිබේ.
අධිකරණයෙන් අවසරය ලබාගැනීමෙන් පසු කරදියාන අංගනයට කසළ බැහැර කිරීමේ කටයුතු ඊයේ සිටම ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා පැවසීය.
මීට අමතරව කොළඹ නගරයේ තවත් ස්ථාන තුනක් කසළ බැහැර කිරීම සඳහා තෝරාගෙන ඇති බවත් එම ස්ථාන කුමක් ද යන්න දැන්ම හෙළි කළ නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය. කරදියාන කසළ අංගනය සහිත ප්‍රදේශය වෙත පොලිස් ආරක්ෂාව ලබා දීමට ද පියවර ගෙන තිබේ.
කොළඹ නගරයේ දිනපතා කැළි කසළ ටොන් හත්සිය පනහක් පමණ එක්රැස් වන බව නාගරික කොමසාරිස්වරයා කියා සිටියේය. කෙසේ වෙතත් කරදියාන කසළ අංගනය වෙත බොරලැස්ගමුව, කෝට්ටේ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, කැස්බෑව නගර සභාවල කසළ බැහැර කෙරෙමින් පවතින අතර හෝමාගම, වෑතර ප්‍රදේශයේ සුළු කොටසක කසළ ද ඊට බැහැර කෙරෙමින් පවතී.