ටෙලි නාට්‍ය නිළි නයනා කුමාරි මෙවර සතිඅන්ත පුවත්පතකට ලබාදුන් සාකච්ඡාවක කොටසක් මෙසේය.
‘මට මතකයි පොඩි කාලෙ ඉඳන්ම ඥාතින් එහෙමත් කියනව මම ලස්සනයි කියල. මටත් හිතුන අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත්වෙන්න ඕන කියල. එතකොට අවුරුදු 15ක් විතර ඇති. උදය අවුරුදු කුමරිය තරඟයට ඉදිරිපත් වුණා. ඒ තරඟයෙන් ප්‍රථම ස්ථානය ලැබුණා. කණ්ණාඩි මේසයක් තමයි තෑග්ගට ලැබුණේ. අදත් එය මගේ ළඟ තිබෙනවා. ඒ මතකය හැමදාමත් තියෙන්නෙ එය මගෙ ජීවිතයේ නව වෙනසකට මුල පිරූ අවස්ථාවක් නිසා. ඊට පස්සෙ 1996 කොළඹ දිස්ත්‍රික්කයේ පංච කල්‍යාණිය තේරීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත්තා. ඉන් පසුව 1997 ලංකාවෙම පංචකල්‍යාණිය තේරීමේ තරගයට ඉදිරිපත්ව ප්‍රථම ස්ථානය හිමිකරගත්තා. මෙවැනි තරඟවලට ඉදිරිපත්වීමත් සමඟම මට හිතුනා රංගනයට සම්බන්ධ වෙන්න ඕනෑ කියා.
වේදිකා නාට්‍යවලට සම්බන්ධවෙමින් පොඩි පොඩි චරිතවලින් රංගනයේ යෙදෙමින් සිටියදී කස්තිරම නාට්‍යයට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණා. එය මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක්. පළමු ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන සුමිත් ගල්කන්දාරච්චි හමු වීම මගේ ජීවිතයම වෙනස් කළ සිදුවීමක් වුණා.
සුමිත් හදුනාගෙන වසර නමයකට පසු එනම් 2003 අපි පන්සලක සරළ උත්සවයක් ගෙන යුගදිවියට එළඹුණා. 2005 පුතා ලැබී මවු පදවිය ලැබීමත් මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම්.
මගේ අම්ම පොඩිකාලෙ ඉඳන්ම මට කියන දෙයක් තමයි අක්කලගෙ සම්බන්ධකම් දැකල කලකිරිල දැක්ක නේද අක්කල හැදෙනහැටි ඔයානම් ඕව කරන්න එපා හොදට ඉන්න කියන එක. ගමේ කොල්ලො කොච්චර ආදරේ ඉල්ලන් ආවත් වැරැදිපාරක නොගියෙ ඒ නිසයි. සුමිත් සමග විවාහ වෙලා දැන් අවුරුදු 24ක්. රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසත් විවිධ අත්දැකීම් ලබමින් ගෙවී ගිය මතකයන් එක්ක තෘප්තිමත්ව ජීවිතේ ගෙවීම තමයි එකම අරමුණ.‘
සටහන - නයනා වෑත්තෑව
(රසඳුන-සිළුමිණ)