අනියම් ඇසුර වැරදී කැපී ගිය 
කොස්තාපල්ගේ රහසඟ සාර්ථකව බද්ධ කෙරේ

පසුගිය 10 වනදා වාර්තාවූ පොලොන්නරුව, මින්නේරිය පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌තව සේවයෙහි නියුතු අවිවාහක පොලිස්‌
කොස්‌තාපල්වරයකු අනියම් බිරියන් දෙදෙනෙකු ඇසුරු කරද්දී එක් බිරියක විසින් ඔහුගේ රහසඟ කපා
දැමූ සිද්ධියෙන් පසුව පොලිතින් උරයක බහාලූ රහසඟද සමග කොළඹ ජාතික රෝහලට කොස්තාපල්වරයාව ඇතුළත් කර තිබුණි.
රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකය මගින් ඔහුට පසුව බද්ධ කිරීමේ සැත්කමක් සිදු කරන ලදි.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමිද්ධි සමරකෝන්

මහත්මිය දන්වා සිටියේ
තුවාලකරු 4වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් සැත්කම සාර්ථක වූ බවත්ය.

රහසඟ තියුණු ආයුධයකින් කපා දමා දැමීමේ සිද්ධියෙන් පසු බරපතළ තුවාල ලැබූ කොස්‌තාපල්වරයා ප්‍රතිකාර සඳහා හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය රෝහලට සහ පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට කොළඹ ජාතික රෝහලට මාරු කළා. එම අවස්ථාවේ ඔහුගේ රහසඟද ඔහු අහුලාගෙන පොලිතින් උරයක දමාගෙන පැමිණ තිබුණා.

පසුගිය 10 වනදා සවස 2.30 ට පමණ හිඟුරක්‌ගොඩ, පාලුවැව, ජන උදානගම ප්‍රදේශයේ පිහිටි අනියම්
බිරිඳගේ නිවසේදී මෙලෙස ඇය විසින් රහසඟ කපා ඇති බව හිඟුරක්‌ගොඩ පොලිසිය සිදුකළ විමර්ශනවලදී
අනාවරණය වූ අතර පළමු විවාහයේ සැමියා මියගිය වැන්දඹු කාන්තාව විවාහ කර ගැනීමේ පොරොන්දුව
මත කොස්‌තාපල්වරයා දැනට වසරක පමණ කාලයක සිට ඇය සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක්‌
පවත්වාගෙන ගියත් වෙනත් කාන්තාවක්‌ සමඟ ද ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යන බව ලද තොරතුරක්‌ මත ඊට උරණවූ අනියම් බිරිඳ කෝපයට පත්ව සිට ඇති අතර කොස්‌තාපල්වරයා සමඟ ලිංගික ඇසුරකට
සූදානම් වූ අවස්‌ථාවේ ඔහුගේ රහසඟ කපා ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය විය.
 කොස්‌තාපල්වරයාගේ අනියම් බිරිඳ හිඟුරක්‌ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට අදාළ පෙර විස්තරය මෙතැනින්