කුරුදුවත්ත
පෙරේදා (23දා) දින පොලිස් හදිසි ඇමැතුම් අංශය වෙත එම තර්ජනාත්මක දුරකතන ඇමැතුම් දුන් පුද්ගලයා පවසා ඇත්තේ ජනාධිපතිතුමා සුළු ජාතීන්ට අදින පුද්ගලයකු නිසා අද දින රාත්‍රී ජනාධිපති නිල නිවෙස හාමුදුරුවන් සමග වටලා කුඩු කරන බවයි.
යම් සිදුවීමක් වුවහොත් එය ජාතික සංහිදියාවට බාධාවක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින් දුරකතන ඇමැතුම දුන් අදාළ පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වන බව පොලීසිය දන්වා සිටියේය.