ගෝල්ෆේස් මැයි රැළියට පැමිණි
දෙදෙනෙක් හදිසියේ මියයති


අද (1) සවස ගාලුමුවදොර පිටියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගිවූ ආධාරකරුවන් දෙදෙනෙකු හදිසි රෝගාතුර තත්ත්ව නිසා රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය එක් පුද්ගලයෙක් නිවිතිගල ප්‍රදේශයෙන් පැමිණි 62 හැවිරිදි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා වන්නේ
මහනුවර සිට පැමිණි 80 හැවිරිදි අයෙකි.

අධික උෂ්ණත්වය හා තෙරපීම නිසා මොවුන් මියයන්නට ඇති බව සැක කෙරෙන නමුත් හේතුවක් තවම ප්‍රකාශ කර නැත.

කොළඹ, ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ මොවුන් දෙදෙනා රෝහළට ඇතුළත් කරනවිටත් මරණයට පත්ව සිටි බවයි.

දෙදෙනාගේ මෘත දේහ දැනට රෝහලේ තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණය සිදුව ඇත්තේ කෙසේද යන්න අනාවරණය කරනු ඇත.
අද ගාලු මුවදොර පැවති රැළියට පැමිණි අති විශාල ජනකායේ ඡායාරූප කිහිපයක් පහතින්