දිය නාන්න ගිහින් අතුරුදන් වූ 
කොත්මලේ තරුණයාගේ සිරුර ගොඩගනී

කොත්මලේ ජලාශයට ජලය සැපයෙන උතුර මඩකුඹුර ඔයේ යහලුවන් තිදෙනෙක් සමග ඊයේ (01) දා දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි තරුණයකුගේ මළ සිරුර අද (02) පෙ.ව. 10.30 ට පමණ
සොයාගත් බව දිඹුල පතන පොලීසිය පවසයි.

මෙසේ දියේ දියේ ගිළී මිය ගොස් ඇත්තේ, දිඹුල-පතන පොලිස් වසමට අයත්, දිඹුල උඩ කොටසේ පදිංචිව සිටි ත්‍යාගරාජ් විනෝදන් නැමති (20) හැවිරිදි අයෙකි. නුවරඑළිය පොලිස් ජීවිතාරක්ෂක අංශය, දිඹුල-පතන පොලීසියේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මෙම මළ සිරුර ගොඩ ගෙන ඇත. මිය ගිය අයගේ සිරුර කොටගල ප්‍රාදේශිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතව තිබුණි.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)