මෝදිගේ හෙලිකොප්ටරය තාමත් ලංකාවේ
දළදා මාලිගා ගුප්ත ශාප කතාව ඇත්තද?

පසුගියදා මෙරටට පැමිණ ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරක්‍ෂක භටයන් රැගත් හෙලිකොප්ටර් යානාවක්‌ කාර්මික දෝෂයකට ලක්‌වීම නිසා ඉකුත් 12 වැනිදා සිට මේ වනතෙක්‌ මහනුවර අස්‌ගිරිය පොලිස්‌ ක්‍රීඩාංගණයේ
නවතා තිබේ.‍ඉන්දීය රජය

ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීම ප්‍රකාරව මහනුවර පොලිසියේ අධීක්‍ෂණය යටතේ හෙලිකොප්ටරය  නවතා තිබේ. කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කරගැනීමට ඉන්දීය කාර්මික ඉංජිනේරු පිරිසක්‌ ලංකාවට එනතුරු සිටින්නට අවශ්‍ය නිසා එය නවතා අනෙක් යානා ඉන්දියාවට රැගෙන ගොස් ඇත.

මේ අතර දේශපාලනික ගුප්ත විශ්වාස පතුරුවාහරින ඇතැම් වෙබ් අඩවි මගින් වාර්තා කර තිබුනේ මෙම යානයට වෙනත් කිසිම යානයක් පියාසර නොකරන  දළදා මාළිගාව උඩින් පථයක ගමන් කිරීම නිසා ඇතිවූ ගුප්ත ශාපයකට ලක්වී මේ ආකාරයේ කාර්මික දෝෂයකට ලක්වූ බවයි.
එම අදහස කිසිදු ආගමික නායකයෙකු විසින් මේ දක්වා සනාථ කර නැත.